තීරු ලිපි යනු දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, වෛද්‍ය, ක්‍රීඩා, සූප ශාස්ත්‍රීය, ආගමික, සංචාරක, ව්‍යාපාරික යනාදී නන් වැදෑරුම් විෂය ක්ෂේත්‍රයන් යටතේ 250-750 අතර ප්‍රමාණයකින් පුවත්පතේ එක් තීරුවකට ප්‍රමාණවත් වන පරිදි රචනාවන ලේඛනය තීරු ලිපිය වේ. මෙම තීරුලිපි රචකයන් විශේෂඥ පිරිසක් වශයෙන් බුහුමන් ලබනු ලැබේ. පුවත්පතේ පිටු සැකසීමේදී ඉතිරි වූ හිඩැස් පිරවීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස තීරුලිපි රචනය ආරම්භ විය. මුල් කාලයේ මෙම හිඩැස පිරවීමට ආගමික ශාස්තෘන්ගේ හා පඩිවරුන්ගේ කියමන් උපයෝගී කරගන්නා ලදී. නමුත් පසු කාලීනව මෙම හිඩස පිරවීමට මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරිපත් වූ විශ්ලේෂණාත්මක ලියවිල්ලක් යොදා ගැනුණි. පසු කාලීනව මෙය තීරු ලේඛනයක් හෙවත් කොළමක් වශයෙන් හැඳින්වේ.
පුවත්පතක, සඟරාවක හෝ අනෙකුත් ප්‍රකාශනයක යම් දෙයක් හෝ සිදුවීමක් පිළිබඳ යළි මතු කිරීමක දැක්වෙන කොටස පුවත්පතේ තීරු රචනාවක් වේ. මෙය ලියනු ලබන්නේ තීරු රචකයන් විසිනි. තීරු ලිපිය පුවත්පතේ අනෙකුත් විශේෂාංග අතරින් වෙනස්වන ආකාර කීපයකි. එනම්,
ක්‍රමානුකූලව සැකසීම.
රචකයාගේ පෞද්ගලික අදහස් දැක්වීමක් තිබීම.
යම් මතවාදී කරුණක් පිළිබඳව ලියැවුණු අන්තර්ගතයක් සහිත වීම.
පාඨකයා රසාලිප්ත කරන සෞන්දර්යාත්මක නිර්මාණයකි.
" පුවත්පතක පාඨකත්වය දුර්වලව පහත බහින විට තීරු ලිපිය යනු පාඨකත්වය රඳවා තබා ගැනීමට උපකාරී වන සාධකයකි."
- ඩෙව් බැරී -
" පුවත්පතක යම් මතවාදයක් සහිතව නිර්මාණය වන මෙම කුඩා තීරුව නැවත නැවතත් කියවා රස විඳිය හැකි කලා මාධ්‍යයකි "
- වෝල්ටර් ක්‍රොන්කයිට් -
පුවත්පතේ පළවන තීරු ලිපිය ප්‍රධාන ප්‍රවේශ දෙකකින් සමන්විත වේ.
01.ආකෘතිය
02.අන්තර්ගතය
◘ විවිධ විෂය පඨයක් යටතේ රචනා වීම
◘ සීමිත වචන සංඛ්‍යාවක් තිබීම
◘ අන්වර්ථ නාමයකින් රචකයා පෙනී සිටීම යනාදිය තීරු ලිපියේ ආකෘතික ලක්ෂණ වේ.ඉහත දැක්වූ ආකෘතික ලක්ෂණ සෑම තීරු ලිපියක් වෙතින්ම දක්නට ලැබේ. ඒවා පොදු ලක්ෂණ වේ.
තීරුලිපි භාෂාවේ නිර්මාණශීලීත්වය හා විශේෂතා.
තීරු ලිපි භාෂාවේ නිර්මාණශීලීත්වය හා විශේෂතා පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී තීරු ලිපියේ අන්තර්ගතය අතිශයින් වැදගත් වේ. තීරු ලිපිය සඳහා කුමන ආකෘතියක් හා ශෛලියක් භාවිත කළ ද එහි අන්තර්ගතය ගොඩනැගෙන්නේ භාෂාව මාධ්‍යය කරගනිමිනි. භාෂාව මිනිසා විශිෂ්ටත්වයට පත් කරවන සුවිශේෂී මාධ්‍යයකි. එහෙයින් ඉහත කියමන පුවත්පතේ සුවිශේෂී ලේඛන ආකෘතියක් වන තීරු ලිපිය සම්බන්ධයෙන්ද වැදගත් වේ. ඒ අනුව අදහස් කියා පෑමට හැකිවන පරිදි භාෂාව ප්‍රබල හා සංවේදීව භාවිතා කිරීමේ වගකීම තීරු ලිපි රචකයාට පැවරේ. නිර්මාණශීලී තීරු ලිපියක් රචනා කිරීමේදී තීරු රචකයා විවිධ පිළිවෙත් අනුගමනය කරයි. මෙහිදී රචකයා තම අත්දැකීම කියාපෑමට උචිත ප්‍රවේශයක් හා ආඛ්‍යානයක් තෝරාගත යුතුය. ඊට සරිලන පරිදි භාෂාව ගොඩනැංවිය යුතුය. එහිදී තීරු රචකයන් විසින් උපයෝගී කරගනු ලබන භාෂා රටාවන් පහත ගුණාංගයන්ගෙන් සුවිශේෂී විය යුතුය.
〄 ජනවහර උපයෝගී කර ගැනීම.
〄 භාෂා රටාවන් කිහිපයකින් යුතු මිශ්‍ර භාෂා ශෛලීන් භාවිතා කිරීම.
〄 නව උපමා, රූපක, පිරුළු ඇතුළත්ව භාෂා රටාවන් අනුගමනය කිරීම.
〄 ගැඹුරු අරුත් දනවන භාෂා උපක්‍රම භාවිත කිරීම.
〄 පාඨක හැඟීම් ඇවිස්සෙන සුළු සරල භාෂා රටාවක්. වක්‍රෝත්තිය, ව්‍යංගය අර්ථ, උත්ප්‍රාසය මුසු භාෂා රටාවක්
〄 පෙර'පර දෙදිග සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාෂය සහිත භාෂා රිතීන් උපයෝගී කර ගැනීම.
〄 උපහාසය මුසු භාෂා රීතින්. නූතන ජන සමාජය ආශ්‍රයෙන් හඳුනාගත් වචන, යෙදුම්, පද පෙරළි
දාර්ශනික හැඟීම් කුළුගැන්වෙන භාෂා රටාවන් උපයෝගී කර ගැනීම.
නිර්මාණශීලී තීරු රචකයා නිරතුරුවම අලුත් වන පිරිපුන් වාග් කෝෂයකට උරුමකම් කියනු ලබයි. ඔහු විසින් සරල, කෙටි, සංකීර්ණ වාක්‍ය රටා භාවිතයට ගනී. යොදා ගන්නා යෙදුම්, වචන වාක්‍ය සමහර විපරිණාමයට අනුරූපව වෙනස් වේ. තීරු ලිපියක් යනු සර්වකාලීන ලියවිල්ලකි.
" මිනිසා සොබා දහමෙහි පාලකයා නොව, සොබා දහමෙහි කොටස්කරුකි යන සර්වකාලීන වටිනාකමක් ඇති...."
මනස් සිතුවම
සියැටෙල් හා රැචල් කාසන්
තීරු රචකයා සංවර්ධනය, පරිසරය සමබරතාවය හා තිරසාරත්වය කියාපෑමට සරල භාෂාවක් උපයෝගී කරගෙන ඇත. ඔහු විසින් පාඨකයා තුළ ගැඹුරු ජීවන අවබෝධයක් ඇති විය හැකි පරිදි බස හසුරුවනු ලැබේ. කරුණු පැහැදිලි කිරීම පිණිස ඔහු උපයෝගී කරගන්නා වාක්‍ය අතර මනා සම්බන්ධතාවයක් දක්නට ලැබේ. ඔහු තීරු රචනයේදී තම අභිමතයට හැකිවන පරිදි කිසිදු යෙදුමක් යොදා නොගනියි. ඒ අනුව මනස් සිතුවම නිර්මාණශීලී අංග ලක්ෂණයන්ගේ පෝෂණය වූවක් වශයෙන් දැක්විය හැකිය.
" හිමිදිරියේ වධ කඳවුරකට යන්නාක් මෙන් පාසැලට යන අයුරුද පස්වරුවෙහි රෝගිනියක පැමිණෙන්නාක් මෙන් නිවසට පැමිණෙන අයුරු ද ...."
තිඹිරියාගම බණ්ඩාර මනස් සිතුවම්හී "ජීවිතය" නමැති තීරු රචනයේ "වධ කඳවුර" උපශීර්ෂය.
මූලාශ්‍ර කිහිපයකින් තම තීරු රචනය පෝෂණය කිරීම තිඹිරියාගම බණ්ඩාරයනට අනන්‍ය වූ ලක්ෂණයකි. ඒ අනුව මනස් සිතුවම් ශාස්ත්‍රීය මුහුණුවරක ගත් තීරු රචනාවක් බව නූතන සමාජය විශ්ලේෂණය කර දක්වයි.
නූතන තීරු රචනා අතර සුන්දර නිහතමානිද මැල්ගේ "මානිගේ තීරුව" නිර්මාණශීලීත්වයෙන් අනූන රචනාවකි. මෙය මානිගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවේ. මානිගේ බිරිඳ,පුතා, හිත මිතුරන් මෙහි චරිත නිරූපණය කරයි. මෙම ලිපියේ කතා වින්‍යාසය, සංවාද, නාට්‍යමය සාකච්ඡා, අවස්ථා ප්‍රශ්නෝත්තර හා ලිපි ආධාරයෙන් ගොඩනැගී ඇත.
"ඔන්න පුතාව ඉස්කෝලෙට දාන්න ඕන ලිය කියවිලි ඔක්කොම හරි."
"ඔක්කොම හරි කිව්වට කෝ මෙතන බලු සහතිකේ නැහැනේ"
ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීමට උත්සාහ දරන මව්පිය යුවළකගේ සංවාදය ඇසුරින් ඉහත ලිපිය ගොඩනැගේ. නොයෙක් කූට උපක්‍රම යොදා ගනිමින් තම දරුවා ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කෙරෙන දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් මෙහිදී උපහාසයට ලක් කෙරේ. මෙම උපහාසය වෙතින් ගැඹුරු ජීවිතාවබෝධයක් පාඨකයාට ලැබේ. ඔහු මේ සඳහා සරල, කෙටි වාක්‍ය භාවිතයට ගනී. උපමා, උපමේය පාඨකයාට සමීපය. ජනශ්‍රැතියෙන් ඔහුගේ බස පොහොසත්ය. එම නිසා මානිගේ තීරු ලිපි භාෂාව නිර්මාණශීලීය.
ජයනන්ද වර්ණවීර නම් ක්‍රීඩකයා එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් මානී වගකිවයුතු ක්‍රිකට් බලධාරියෙකු සමඟ සාකච්ඡාවක් පැවැත්විය. ඒ අයුරින් මෙම තීරුලිපිය රචනා වී ඇත.
" ප්‍රශ්නය :- වර්ණ වීර එංගලන්තයට යවපු කණ්ඩායමට තෝරා නොගත්තේ ඇය?
පිළිතුර :- අපි එහෙට යැව්වේ සමබර කණ්ඩායමක්. මිනිහා යැව්වා නම් ඒ සමබරතාවය නැති වෙනවා.
ප්‍රශ්නය :- ඒ කියන්නේ එයාගේ පන්දු යැවීම අනික් අයගේ පන්දු යැවීමට වඩා හුඟක් දුර්වලද?
පිළිතුර :- නෑ.... නෑ..... එයාගේ පන්දු යැවීම අනෙක් අයගේ පන්දු යැවීමට වැඩිය හුඟක්ම හොඳයි. ඒ නිසයි සමබරකම නැතිවෙන්නේ."
මෙම සිදුවීම මානී විසින් ප්‍රශ්නෝත්තර ශෛලිය උපයෝගී කොට ගනිමින් විවේචනය කරනු ලබයි. සංවාදයේ නාට්‍යෝචිත බව, සංවාදශීලි බස් වහර, සංකීර්ණ ප්‍රස්තුතයක් සරලව නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමත් දැකිය හැකිය.
" ආදරණීය සීයේ,
මෙච්චර කාලෙකට සීයට ලියුමක්ද නොලිව්වෙ සීයව අපිට අමතක වෙලා ගිහින් නිසා නෙමෙයි...."
ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම නිමිතිකොට ගෙන මානී විසින් ජේ .ආර් ජයවර්ධනයට ලිපියක් ලිවීම. මානිගේ තීරුවේ තවත් විශේෂයක් වන්නේ ව්‍යංගයාර්ථය මුසු බස් වහරකි.ඒ නිසා මානිට ඕනෑම අයෙක්ගේ ක්‍රියා කලාපය සියුම්ව විවේචනය කළ හැකිය.
චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ "වගතුග" තීරු ලිපිය විශාල පිරිසකගේ පැසසුමට හේතු විය.එයට හේතු වූයේ තීරු රචකයෙකු සමාජ විවේචනයට එහා ගිය දාර්ශනික ප්‍රවේශයකින් සමාජය විශ්ලේෂණය කිරීමයි. එහෙයින් මෙය හරවත් ලියවිල්ලකි.
වගතුගේ බස :- කාව්‍යාත්මකය බස රසවත්ය ව්‍යක්ත බස යොදා ගනී.
" වර්ෂය
වර්ෂය යන වචනය අප අද යොදාගන්නේ අවුරුදු කාලසීමාව හැඳින්වීමටය. වාර්ෂා යනු වැස්ස හැඳින්වීමට යොදා ගනී..."
" විශ්වමිත්‍ර" නමැති අන්වර්ථ නාමයෙන් කමල් පෙරේරා විසින් රචිත " වෙතටයි" තීරුලිපිය සාමාන්‍ය ලියවිල්ලක මුහුණුවරක් ගනී.විවේචනය කළ යුතු දේ විවේචනය කිරීමත් පැසසිය යුතු දේ පැසසීමත් විශ්ව මිත්‍රගේ ලක්ෂණයකි.
උදාහරණ :- " ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක අර්ජුන් රණතුංග වෙතටයි."
" විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් වෙතටයි."
විශ්ව මිත්‍රගේ වෙතටයි ලිපිය සොඳුරු ආඥාවක ස්වරූපය ගත් නිර්මාණශීලි ලියවිල්ලකි. තීරුලිපි සඳහා සරල ශෛලියත්, නිරවුල් බස් වහරත් යොදාගෙන ඇත.
නිර්මාණශීලී ලේඛනයක් බිහිවන්නේ පුළුල් සමාජ ආභාෂයෙනි. එනම් සමාජ සම්ප්‍රදායෙන් මෙන්ම භාෂා සම්ප්‍රදායෙන් පෝෂණය ලැබීමෙනි. විවිධ යුගයන්හි සමාජ, ආර්ථික, දේශපාලන සන්දර්භ කේන්ද්‍ර කරගෙන ලියැවෙන තීරු රචනා නිර්මාණශීලීත්වයෙන් අනූනය. එනම් ව්‍යංගයාර්ථය, උපමා, රූපක භාවිතා කිරීමෙනි. ජනවහර මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරින් පෝෂණය වූ තීරු රචනා නිර්මාණශීලීත්වයෙන් අනූන ලක්ෂණ ප්‍රකට කරනු ලබයි.