අවාරෙ පිපුණ මුත් නැත අඩුවක් පෙනුනේ
නුඹේ සුවඳමය ඇයගෙත් විහිදෙන්නේ
නොකළ වරදට කුමටද කඳුලැළි බොන්නේ
මගෙ ආදරේ නුඹ දෙපළට හැම භවයේ
වැලි බත් අනා රස කර කර කවන්නට
කවි කිය කියා බෝනික්කෝ නළවන්ට
පාට වැටුනු මල් සාරිය අදින්නට
මා එන්නම් නුඹෙ සෙල්ලම් ගේ තුළට
දවසින් දවස නුඹ හැඩවෙන හැටි බලලා
සැනසෙන්නම් නුඹගේ ලස්සන දැකලා
කුමරිය වී ඉඟිලී යන දා පියඹා
කෙලෙස දරා ගන්නද? නුඹ ගැන සිතලා
දුවෙකුට පියෙකු රජකෙනෙකුන් වැනිය
පිය සෙනෙහස ඇය වෙත නැතුවම බැරිය
නොයෙක් කතා පද බැන්ඳද සමාජය
නුඹේ ලොවේ පිය රජු වෙමි මෙතැන්සිට
- නවෝ .... ✍️ -
මරු ❤️
ReplyDeleteනියමයි 🤩
ReplyDelete❤️❤️
ReplyDelete