Sunday, May 28, 2023

ඉස්සරහා බහිනවා



කවුළු සිසාරා පෙම් සුවඳට නොදෙවෙනි එන බස් රථයේ හුළං පාරට කෙහෙ රැල්ල ඇවිස්සී ගොස්‍ ය.අත් පටලා උරහිසට හිස බර කර ආ මෙතෙක් වේලාවක් නොතිබුනු අමුතු කලබලයකි.වටපිට බලා කාගේවත් ඇස නොගැටෙන්නට කලියෙන් උණුසුම් දෙතොල් කම්මුල් ස්පර්ශ කරන්නේ සංවේදී  සෛල සමඟ සටන් කරමින් ආස්වාදනීය හිරිගඩු පිපීමක් එක් කරමිනි.ඒ ඇස් මේ ඇස් එක්ක එකට ගැටෙමින් වචනෙන් නොකියන හුඟක් දේ හුවමාරු කර ගන්නා අහිංසක මනෝරාජික අවස්ථාවකි.උපන් කුලුඳුල් ප්‍රේමයක නොමේරු ළදරු කළලය පරිස්සමට සීරු මාරු කරනුයේ උකුසු ඇස් ඩැහැ ගන්නට කලියෙනි..

" ඔයා හැමදාම මට කලින් බහිනවා,කවදා හරි දවසක ...මාව තනි කරලා ,අපේ ආදරෙන් මටත් නොකියම බැහැල යනවද ? "

      " නෑ...කවදාවත්ම නෑ...."

ඒත් .......මූසල හැන්දෑවක ඒ බස් රියේ අවුරුදු හතරකට කලින් පෙම් සුව විඳි ඒ අසුනෙම මම අද තනියම..මරණීය තුවාල සිතේ ඇති කර ගෙන හූල්ලනවා වෙනුවට ජීවන ගබඩාවේ නිකැළැල් මතක සටහනක විහිදෙන තරුවක් සේ නුඹගේ දිස්නය හදවතේ සදාකාලිකය..සිත් පතුලේ යදම් පුරුක් මෙන් ඇමිනී ඇති ප්‍රේමනීය හැඟුම් , නලියන කඳුළු බිඳුවලට උණුහුමක් එක් කරන්නේ මටත් නොදැනිය.නිහඩ සිතුවිලි දෝංකාරයක අතරමං වූ අතීතයට පෙම් බඳින කඳුළක් නුඹ ඉන්න ඉසව්වට පා කර හරින්නට ඇත්නම්, කියයි බොහෝ දේ ඒ ඇස් මේ ඇස් එක්ක එදා නොකී කඳුළු කතාවක්.....


                         - නවෝ........✍🏻 -


 අවාරෙ පිපුණ මුත් නැත අඩුවක්      පෙනුනේ

නුඹේ සුවඳමය ඇයගෙත්             විහිදෙන්නේ

නොකළ වරදට කුමටද කඳුලැළි     බොන්නේ

මගෙ ආදරේ නුඹ දෙපළට හැම           භවයේ


වැලි බත් අනා රස කර කර              කවන්නට

කවි කිය කියා බෝනික්කෝ             නළවන්ට

පාට වැටුනු මල් සාරිය                        අදින්නට

මා එන්නම් නුඹෙ සෙල්ලම්              ගේ තුළට


දවසින් දවස නුඹ හැඩවෙන හැටි       බලලා

සැනසෙන්නම් නුඹගේ ලස්සන           දැකලා 

කුමරිය වී ඉඟිලී යන දා                         පියඹා

කෙලෙස දරා ගන්නද? නුඹ ගැන        සිතලා


දුවෙකුට පියෙකු රජකෙනෙකුන්         වැනිය

පිය සෙනෙහස ඇය වෙත නැතුවම    බැරිය

නොයෙක් කතා පද බැන්ඳද               සමාජය

නුඹේ ලොවේ පිය රජු වෙමි        මෙතැන්සිට


  - නවෝ .... ✍️ -

අව්‍යාජ සිනහවේ - රැකෙන මනුස්සකම්


 

"  ඔබ සිනාසෙන විට ලොව ඔබ එක්ව සිනාසෙයි.ඔබ හඬන විට ලොව ඔබ අතහැර සිනාසෙයි " 

                               - මහගම සේකර - 

කුමන ජාතියකට අයත් වුවත් නුහුරු භාෂා කතා කරත් නුහුරු සංස්කෘතීන් ඇදහුවද  කෙනෙකුගේ හදවත ඇතුළාන්තයෙන්ම හදුනා ගන්නට ගත වන්නේ සුළු වේලාවයි. ඒ එක් සිනහවකිනි. සිනාව යනු ඉතාමත් සරල මෙන්ම ස්වාභාවික අදහස්  හුවමාරු කර ගැනීමේ  විශ්වසනීය භාෂාවයි.

සිනාවකට පිළිතුර සිනාවක් නම් ඒ අවස්ථාව අමතක නොවන හැගීමකි.නමුත් වර්තමාන කාර්යබහුල ජීවිතය තුළ මිනිසාගේ සිනහව ගිලිහී යනු දැකිය හැකිය .සිනහව වෙනුවට කෝපය , ඊර්ෂ්‍යාව ජයගෙන ඇත .මෙයින් මිදී සිනහවට සිනහවක් එක් කළ යුතු කාලය එළඹී ඇත .තුන්සිය හැටපස් දවසම හිස මුදුනට ගොඩගැසූ රාජකාරි අතරින් කෙනකුට සිනාසිය හැකි නම් එය ඔහුගේ මානසික නිදහසට සුවදායක ඔසුවකි .

වියදමකින් තොරව පැතිරවිය හැකි සිනහව අපගේ සිත මෙන්ම තව කෙනෙකුගේ සිත ද සුවපත් කළ හැකිය .වර්තමාන ලෝකය තුළ " ස්මයිලිං තෙරපි "   හෙවත් සිනාසීම මනෝචිකිස්සාවක් ලෙස භාවිත කරන ක්‍රම ප්‍රචලිතව පවතී.ඕස්ට්‍රේලියානු ජාතික ජායාරූප ශිල්පියෙක් වන Jay Weinstein 2013 වසරේ දී " l Asked Them To Smile " නමින් ඔහු පුද්ගලයකුගේ සිනහවේ ජායාරූප ව්‍යාපෘතියක් කර තිබේ.එහි තේමාව වනුයේ " යම් පුද්ගලයෙක් සාමාන්‍ය ලෙසින් සිටිනවාට වඩා සිනාසෙන විට කෙතරම් සුන්දරද " යන්නයි .

 එදිනෙදා පුද්ගලයකුට මුහුණ දෙන්නට සිදු වන සියලු ප්‍රශ්න අමතක කොට වෙනදාටත් වැඩියෙන් උපහාසයට නොව අව්‍යාජත්වයෙන් සිනාසීමට හැකි නම් ලෝකය බොහෝ සෙයින් සුන්දර වන බව නොඅනුමානය . 


 - නවෝ  ✍️ -

සිතුවිලි දැහැන

 


 ඇඟිලි තුඩු යා කරයි සියුම් කිතියක්      තබා 

තොලට තොල හාදු දෙයි කල් මැරූ රෑ    පුරා 

රළු හිතට තඹරු පෙති සියුමැළිද ගත   වටා

මුහුවේවි යදම් සේ ඉඟි මැරූ පෙළ          රටා


                                                                -  නවෝ...✍️ -



 කම් සැප විඳිනට ආශා                කරනා

නුගුණින් විරුකම් කරනට     යෙදෙනා

වෙස් බැඳි මිනිසුන් රජ සැප   සොයනා

දෙවියන් ඇපයට ඇද බැද       ගැණිනා


  - නවෝ...✍️ -


 මතකද ඔයාට

අතේ ගුලිකර ඇවිත්

තෙල් බැන්ම උඩ ඉඳන් 

මගෙ ගෙල පැලඳූ රත්තරං මාලය


දිලිසෙමින් කර වට

නිතරම අතගා බැලූ එය

කොයිතරම් ලස්සනද 

නුඹ අතින් පැළඳුවාම 


ඒත් දැන් ටික ටික 

ගෙදර වියදම් එනවිට

නෙත ගැටුණි කර වට

නුඹ පැලඳූ රත්තරං මාලය 


කිසිවක්ම කරන්නට 

සිතාගත නොහැකි උන් විට

තද කරන් දුක තුනිව 

සිදුවුණා මාලය තබන්නට උකසට 


නුඹ තමයි මගෙ දිවිය

ආදරය නෑ අඩුව

පණ වුනත් දිය හැකිය 

ප්‍රශ්න හින්දයි  හෙම්බත්ව


සිත සිතා ඉන්න විට

කවුදෝ ඇවිත් පසු පස

"මිස් මේක ඉමිටේෂන් "

කියනවා විතරයි මතක...


   - නවෝ.... ✍️ -

සෙංකොට්ටන් නවකතාව විචාරය


පෙන්තරේ ලඟ පැන්තොට ගම්මානයේ කුණු සෝදපු මිනිස්සුන්ට ඒ පිරිසිදු රෙදි ඇඳගත් මිනිසුන් විසින් දුන් තුටු පඬුර ඒ මිනිස්සුන්ගේ සන්තානය කිලිටි කරපු එකයි. ඒ සිත  කිළිටි කරපු කතාවේ සංවේදී සලකුණ සෙංකොට්ටන් ය .2012 වර්ෂයේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත සෙංකොට්ටං නවකතාව සම්මානනීය කෘතියක් බවට පත්විය .මේ විසිවන සියවසේ ලංකා සබරගමු පළාතේ පල්ලෙබැද්ද ගොඩකවෙල ප්‍රදේශය ආශ්‍රිත වූ නොදියුණු ගමක රදා හෙවත් හේන නම් කුලයෙ ඈයන්ගේ ජීවන පුවතින් සැකසූවකි.

කුලවාදයට තෝතැන්නක් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ රෙදි  සෝදන්නන් විසින් අත්දුටු කුලීනයන් ගේ ක්‍රියාකලාපය සැලකිලි හා පිළිකෙව් කිරීම් හිංසා පීඩාවන් පදනම් කරගත් අතිශය සංවේදී කතා පෙළගැස්මකි. කුලවාදය ඉතා හොඳින් පැළපදියම් වූ ප්‍රදේශයක සිටම කුලවාදයට එල්ල කළ දැවැන්ත පහරක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකිය. මෙහි ප්‍රධාන චරිත ද්විත්වය ඉස්මතුවන්නේ වීරප්පුලි හේනයාගේ සහ කේන්ද්‍රීය චරිතය බබා හේනයාගේ චරිතයයි.කුලය පිළිබඳ බැඳුණු ජීවිතයේ පරිවර්තනයට පෙර යුගය පෙන්වීමට කේන්ද්‍රීය චරිතය මෙන්ම අද්විතීය ලෙස නිරූපිත වීරප්පුලි හේනයාගේ චරිතය හා  බබාහේනයාගේ කුඩා කාලය ද  අන්තර් යුගය හා පසු යුගය පෙන්වීමට බබාහේනයාගේ චරිතය හා වයෝවෘද්ධ අවස්ථාවක් කතුවරයා පාඨකයන් අසලට සමීප කරවයි.

මෙය කුලවාදය  පැළපදියම් වූ සමාජයක මිනිස්සුන්ගේ සමාජීය මෙන්ම මානසික පීඩනය ද චරිත හැසිරෙන ආකාරය මඟින් විවරණය කරන  නිර්මාණයකි.ඒ බව නිර්මාණකරුවා පාඨකයා අතරට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ වීරප්පුලි හේනයාගේ චරිතය හා බබාහේනයාගේ චරිතයයි. මල්මා  රිදී , පොඩිනා, හීං රිදී  මෙහි පණපොවන තවත් චරිත  ලෙස හඳුනාගත හැකිය.

මෙම නවකතාවේ කථකයා සම්පූර්ණයෙන්ම සැඟවීම හෙවත් අතුරුදහන් ව සිටීම විශේෂත්වයකි .මෙමගින් සිදුව ඇත්තේ චරිත පිළිබඳ  අභ්‍යන්තර හා බාහිර සියලු තතු සම්පූර්ණයෙන් දන්නා ලේඛකයා විසින් අවශ්‍ය පරිදි පාඨකයා ඒ ඒ චරිත හා සිදුවීම් තුළට රැගෙන යාමයි. කතුවරයා පවසන පරිදි මෙය උත්තම පුරුෂ කථන ක්‍රමය යි. නමුත් අප  උගෙන ඇති උපක්‍රමයන් හා සසඳා බලන කල අපට දැනෙන අයුරින් මෙය ප්‍රථම පුරුෂ සර්වවේදී පූර්ණ වේ .උත්තම පුරුෂ යයි කියන්නේ පිටස්තරයෙකුව හිඳ ඔහු එම කතාව කියන බැවිනි.

වීරප්පුලි හේනයා අහිංසක පරාර්ථකාමී ගුණ ඇති මිනිසෙකි .හීන කුලයේ ඉපදුන පවට මිනිසුන්ගෙන් ගැරහුම් ලබන්නෙකි .තම සිතේ අදහස් ගස් ,ගල් ,සතා සීපාවා සමග බෙදා ගනී.පෙත්තරට  බැස උදේ පටන්  රෙදි ඇපිල්ලීමේදීවත්, වෙල්ලාවට ගිනි දමා රෙදි තැම්බීමේදී වත්, පොල්කටු ඉස්ත්‍රික්කයෙන් රෙදි සිය ගණනක් මැද නවා අඩුක් කිරීමේදීවත් නොදැනුනු තෙහෙට්ටුවක්  මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී   ඔහු අත්විඳි. එම කොන් වීම් , අපහාස හේතුවෙන් ඔහු සමාජය සමග ගනුදෙනු කිරීමේ දී බියක් දක්වයි .ඔහු ජීවිතයේ ලබන කෙනෙහෙලිකම් විදින පීඩාවන්ගෙන් මතු ආත්මයන්ගෙන් මිදීමට ඔහු මේ භවයේ පින්කම් කිරීමට ලැදි බවක් දක්වයි.සමාජයෙන් ලබන ගැරහුමක් මුළු ජීවිතයම ආපස්සට ගමන් කිරීමක් වැනිය.එවිට අත දරුවෙක් සේ කඳුලු වගුරුවයි.කුසට අහර නොගනී.එවන් වූ මෘදු සිතක් ඇත්තෙකුගේ චරිතය ඔස්සේ මස්ඉඹුල ඔහුගේ අරමුණ වූ මනුෂ්‍ය ස්වභාවයේ විවිධාකාර බව හා කුල මානය හේතුවෙන් පීඩාවිදින ජීවිතවල විඩාබර ස්වභාවය පසක් කරනු ලබයි.

දිනක් වීරප්පුලි හේනයා හා ඔහුගේ බිරිඳ වන මල්මා රිදී කොටහලුවකට ගොස් එන අවස්ථාවේ දී කඩපිලේ හිද වෙහෙස නිවා ගැනීමට මදක් සැරසුනා පමණි ,කඩේ සිටි ගැහැනිය ඔවුනට බල්ලන් මෙන් බැණවැදී මල්මා රිදීගේ කිලිටි රෙදි පොට්ටනිය පයින් ගසා දමන ලදී .මෙයින් කම්පාවට පත් වූ ඔවුන් තම වර්ගයාගේ අසරණභාවය වැටෙන කඳුළක් ගානේ දියකර හරින්නට විණි.වීරප්පුලි හේනයාගේ ජීවිතය කොයි ලෙසකින් ගෙවුනත්   ඔහුට දැන් කම් නැත. නමුත් තම මුනුබුරා වූ බබාහේනයා ගේ ජීවිතයට ආලෝකයක් ගෙන ඒම ඔහුගේ අරමුණයි. කුලවත් මිනිසුන් සමග වීරප්පුලි හේනයා ගනුදෙනු කිරීමට අකමැති වුවත් එකී අකමැත්ත පසෙකලා අනුරාධපුර පුණ්‍ය භූමියේ චෛත්‍ය රාජයාණන්ට කොත් පළඳවනු ලබන මහා පුණ්‍ය කර්මයට පිත්තල බඩු පූජා කිරීම බබාහේනයා ගේ අතින් කරවීමට ඔහුට උවමනා විය .පූජා කිරීමට සූදානම් වූ පිත්තල පිහිතලය අත් තබා ගත් දෙවන උපාසක මහතා

" නං ගං කියමු යි ? " 

කියා වීරප්පුලි හේනයාට පවසන ලදී.

" පැටියාගේ නම බබාහේනයා" ඔහු අහිංසක ලෙස පැවසීය.

" මේ මහානු බල සම්පන්න පුණ්‍ය කර්මයට කිලි මුහු වෙන්න දෙන්න බෑ. උඹලා කොටහළු ගෙවල් වල අරහෙ මෙහෙ යන උන් .කොටහලු කියන්නේ  කිලි උපත."

 යැයි පවසනවාත් සමගම මුළු ලෝකයම මදකට නතර වූවාක් මෙන් විය. ඔහුට මේ සමාජය ගැරහුම් හුරු පුරුදු නමුත් ඔහු තම පණ මෙන් ආදරේ කරන බබාහේනයාට පින් ලබා දීමට නොහැකි වීම මහත් කනස්සල්ලට ලක් වූ කරුණකි.

වීරප්පුලි හේනයා අහිංසක නිහතමානී වූ ආදරණීය චරිතයකි. ගුණ රාළහාමි බබා හේනයාට ජීවත් විය යුතු ආකාරය පෙන්වා දෙන්නේ   ආතා වූ  වීරප්පුලි හේනයාගේ ජීවන චරිතය උලුප්පා දක්වමින්ය.

" ඉගෙනගනින් මගේ පුතේ හරි දේ ඉගෙන ගනිං. අකුරු එක්කම ගහ කොළ , සතා සිව්පාවා ,අව්ව, වැස්ස අන්න ඒවත් ඉගෙනගනින් .මිනිහෙක් වෙයන් උඹේ ආතා වගේ. මනුස්සකම් කියන උතුම් ගුණාංගය උබට පොත් වලින් හම්බ උනේ නැත්නම් උබේ ආතා  කියන අහිංසක මිනිහා මතක් කර ගනිං. " 

ඒ අනුව කතා කලාවේ විද්‍යාත්මක රසය ඔප්නංවමින් කතාවේ අරමුණ මත පාඨකයා ආන්දෝලනය කරමින් කතාවට අභිප්‍රේරණය කරමින් වීරප්පුලි හේනයාගේ චරිතය මෙහි අපූරුවට ගෙත්තම් කර ඇති අයුරු දැකිය හැකිය.

සෙංකොට්ටං නවකතාව තුළ  ජීවත්වන චරිත අතරින් සුවිශේෂී චරිතයක් ලෙස පොඩිනාගේ චරිතය හඳුනා ගත හැකිය. 1930 ගණන්වල සමාජ කතිකාවක් ව පාදක කරගනිමින් ලියැවුණු මෙම නවකතාව තුළ ජීවත් වන්නේ කුලය කරපින්නා ගත් සරල ගැමි චරිතය .පොඩිනා රිදීවිට ගම්මානයේ ම පමණක් නොව එම ප්‍රදේශයේම සුරූපී කාන්තාව විය. පිරිපුන් ශරීරය හා දිගුවන් කෙස් කළඹ ඇගේ රූපයට ආභරණයකි. පොඩිනාගේ මුළු ජීවිතයම උඩු යටිකුරු වන්නේ ඇයට අනගිහාමි මුණගැසීමෙන්ය. කොටහලු නිවසක රාජකාරි කිරීමට පොඩිනාට භාර වූ දිනයක ඇයට අනගිහාමි ව මුණගැසෙයි .අනගිහාමි හා පොඩිනා අතර ඇති වන්නා වූ ප්‍රේමයට පැවැත්මක් ඇති  නොකරන්නේද කුලයයි.

" මේ තරම් මේ බයිසිකලයක් තියාන  පයින් යන්න ඕනෙයි, යමු මේකේ "

" අපෝ මට බෑ උන්නැහේ ඕක යන්න .ඇරත් කවුරු හරි දැක්කොත් යසට හිටියි.මහා නරකට කයි-කතන්දර හදයි. රදා බවලතෙක්  බයිසිකල් කරත්තේ ඉන්දවා ගෙන ගියාය කියලා."

 පොඩිනා ගේ චරිතයෙන් පාඨකයන් ආශක්ත වීමට බලපෑ තවත් කාරණාවක් වූයේ චිත්තරූප මැවෙන ආකාරයට භාවිතා කරන භාෂාවයි. එහිදී චරිත ඔස්සේ පවතින අසරණ බව යටහත් පහත් බව එකී ආමන්ත්‍රණ යන්හි ගැබ් වී ඇත. "උන්නැහේලා " , "රදා බවලතා "යනාදී වචනවලින් හඳුනාගත හැකිය. හීං රිදී බබානිස්  සමග පැන යාමට තැත් කරන විට වැඩිමහල් සහෝදරියක විසින් ඇයට දුන් අවවාද ,  පොඩිනා තම පුතු වූ බබා හේනයාට සෙනෙහසින් ආදරෙන් ආදරයෙන් රැක බලා ගත් ආකාරය මෙන්ම  පොඩිනාට ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීමට රුචියක් තිබූ මුත් නම්බු හේනයා එයට කැමැත්තක් නොදැක් වීම් මත ඇය විසින් ඔහුට පින්සෙන්ඩු වන  ආකාරයත් සලකා බැලීමේදී පොඩිනාගේ චරිත කතාවේ කතා රසය තීව්‍ර කරන බව නොඅනුමානය.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් සෙංකොට්ටන් තුළින් අපගේ පරිකල්පනය විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ  දිශා ගත කර තිබේ. එහිදී සමාජ, සංස්කෘතික ,දේශපාලන ,ආගමික යනාදී කෝණ ඔස්සේ සමාජයේ ක්‍රියා කලාපය දක්වා තිබේ .

ඕනෑම ආගමක් පොදුවේ ගත් විට ආගමක් බිහි වන්නේ එක් පොදු ජන සමාජයේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික ලෝකය වර්ණවත් කිරීමට හා සුවපත් කිරීමට ය. නමුත් ආගම හැම විට ම පවතින්නේ විෂමතාවය නැවත නඩත්තු කිරීමක් වශයෙනි. පන්සලක හාමුදුරුකෙනෙකු තමන්ගේ දානයට නොවඩිනවානම් පන්සලේ දාන පේරුව ලබා නොදෙනවා නම් එතැන පවතින්නේ බුදුරදුන් දේශනා කරන ලද ආගම නොව බලය සමග ගොඩනගාගත් විෂමතා වලින් පිරුණු හුදු ඇදහිල්ලකි. ඒ බව නිරන්තරයෙන් ගුණ රාළහාමි වීරප්පුලි හේනයාට පසක් කර දෙනු ලබයි.

 සෙංකොට්ටං නවකතාව තුළ දේශපාලන දෘෂ්ටි කෝණ ඔස්සේ පාඨකයාට සමාජ යථාර්ථය ආරෝපණය කර දීමට උත්සුක වනු ලබයි. වාමාංශික දේශපාලනයක් බිහිවීම මත මේ පවතින සමාජ තෙරපීම උඩුයටිකුරු කළ හැකි බව ගුණ රාළහාමි මල්මා රිදීට වරෙක ප්‍රකාශ කරනු ලබයි .එන් එම් පෙරේරා දේශපාලනය කරනා විටෙක එය මහ පොළොවේ ප්‍රායෝගිකව සිදු කරන්නේ ගුණ රාළහාමිය. එය බිඳ නොදමා ඉදිරියට පවත්වාගෙන යා හැකි වන්නේ  බබාහේනයා අකුරු කරන්නට යන තරුණ ඉස්කෝලේ මහත්තයා ය. මස්ඉඹුලයං අඩු වැඩි වශයෙන් කතාව තුල දේශපාලනය සඳහන් කළ ද සමාජයේ මිනිසුන් අතර පවතින බලය නම් සාධකය නිරතුරුවම අවධානයට ලක්කරනු ලබයි.මිනිසුන්  ඉපිද මිය යන සුළු කාලසීමාව තුළ එකිනෙකාට වෛර කරමින් දියුනුවට අකුල් හෙලමින් පොඩි මිනිසා පාගා ඔහුගේ රීරි මාංශය උරා බොන තැනටම පත් කරනු ලබයි. එවන් වූ විෂකුරු සමාජයක කුලහීන ලෙස ඉපදීම ම අවාසනාවකි.

බබා හේනයා ඇගේ නැවුම් බලාපොරොත්තුව අකුරු ඉගෙනීමඅගේ නැවුම් බලාපොරොත්තුව අකුරු ඉගෙනීමයි පව් ගෙවන්නට රදා කුලයේ ඉපදුනු බබා හේනයාට එකී වාසනාව බිඳී ගියේ කොළය හේතුවෙනි මේ රිදීවිට පැත්තේ ඉන්න රදා පැටවෙක් maheka ඉන්න බංකුවේ එකට වාඩි කරවලා මොකටද මගේ කට අපි වැදගත් මිනිස්සු ඉස්කෝලෙ ළමයි ඔය ආරච්චි උන්නාන්සේ ගෙදරටම with ආරාධනා කරපු නිසා ආරච්චි මහත්තයට අපේ දෙන්න එක මොකුත් තියෙනවා සෑම තැනකදීම මනුෂ්‍ය කම වෙනුවට බලයෙනි උදුම්මාගත් මිනිසුන් අනෙකාව පහත්කොට සැලකීමෙන් නිරාමිස සතුටක් වින්දා කුලයේ මෙන්ම අනෙක් කුලහීනයන්ට ඇති එකම පැතුම වන්නේ සමාජය විසින් බිලක් බුලත් පීඩාකාරී කුලයෙන් මිදී සාමාන්‍ය ලෙස ජීවත්වීමයි නමුත් බලය නම් සාධක හේතුවෙන් එසේ වන්න


පුවත්පත් භාෂාවේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කරන තීරු ලිපි

          තීරු ලිපි යනු දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, වෛද්‍ය, ක්‍රීඩා, සූප ශාස්ත්‍රීය, ආගමික, සංචාරක, ව්‍යාපාරික යනාදී නන් වැදෑරුම් විෂ...