" ඔබ සිනාසෙන විට ලොව ඔබ එක්ව සිනාසෙයි.ඔබ හඬන විට ලොව ඔබ අතහැර සිනාසෙයි "
- මහගම සේකර -
කුමන ජාතියකට අයත් වුවත් නුහුරු භාෂා කතා කරත් නුහුරු සංස්කෘතීන් ඇදහුවද කෙනෙකුගේ හදවත ඇතුළාන්තයෙන්ම හදුනා ගන්නට ගත වන්නේ සුළු වේලාවයි. ඒ එක් සිනහවකිනි. සිනාව යනු ඉතාමත් සරල මෙන්ම ස්වාභාවික අදහස් හුවමාරු කර ගැනීමේ විශ්වසනීය භාෂාවයි.
සිනාවකට පිළිතුර සිනාවක් නම් ඒ අවස්ථාව අමතක නොවන හැගීමකි.නමුත් වර්තමාන කාර්යබහුල ජීවිතය තුළ මිනිසාගේ සිනහව ගිලිහී යනු දැකිය හැකිය .සිනහව වෙනුවට කෝපය , ඊර්ෂ්‍යාව ජයගෙන ඇත .මෙයින් මිදී සිනහවට සිනහවක් එක් කළ යුතු කාලය එළඹී ඇත .තුන්සිය හැටපස් දවසම හිස මුදුනට ගොඩගැසූ රාජකාරි අතරින් කෙනකුට සිනාසිය හැකි නම් එය ඔහුගේ මානසික නිදහසට සුවදායක ඔසුවකි .
වියදමකින් තොරව පැතිරවිය හැකි සිනහව අපගේ සිත මෙන්ම තව කෙනෙකුගේ සිත ද සුවපත් කළ හැකිය .වර්තමාන ලෝකය තුළ " ස්මයිලිං තෙරපි " හෙවත් සිනාසීම මනෝචිකිස්සාවක් ලෙස භාවිත කරන ක්‍රම ප්‍රචලිතව පවතී.ඕස්ට්‍රේලියානු ජාතික ජායාරූප ශිල්පියෙක් වන Jay Weinstein 2013 වසරේ දී " l Asked Them To Smile " නමින් ඔහු පුද්ගලයකුගේ සිනහවේ ජායාරූප ව්‍යාපෘතියක් කර තිබේ.එහි තේමාව වනුයේ " යම් පුද්ගලයෙක් සාමාන්‍ය ලෙසින් සිටිනවාට වඩා සිනාසෙන විට කෙතරම් සුන්දරද " යන්නයි .
එදිනෙදා පුද්ගලයකුට මුහුණ දෙන්නට සිදු වන සියලු ප්‍රශ්න අමතක කොට වෙනදාටත් වැඩියෙන් උපහාසයට නොව අව්‍යාජත්වයෙන් සිනාසීමට හැකි නම් ලෝකය බොහෝ සෙයින් සුන්දර වන බව නොඅනුමානය .
- නවෝ ✍️ -
❤️
ReplyDelete❤️
ReplyDelete