කවුළු සිසාරා පෙම් සුවඳට නොදෙවෙනි එන බස් රථයේ හුළං පාරට කෙහෙ රැල්ල ඇවිස්සී ගොස් ය.අත් පටලා උරහිසට හිස බර කර ආ මෙතෙක් වේලාවක් නොතිබුනු අමුතු කලබලයකි.වටපිට බලා කාගේවත් ඇස නොගැටෙන්නට කලියෙන් උණුසුම් දෙතොල් කම්මුල් ස්පර්ශ කරන්නේ සංවේදී සෛල සමඟ සටන් කරමින් ආස්වාදනීය හිරිගඩු පිපීමක් එක් කරමිනි.ඒ ඇස් මේ ඇස් එක්ක එකට ගැටෙමින් වචනෙන් නොකියන හුඟක් දේ හුවමාරු කර ගන්නා අහිංසක මනෝරාජික අවස්ථාවකි.උපන් කුලුඳුල් ප්‍රේමයක නොමේරු ළදරු කළලය පරිස්සමට සීරු මාරු කරනුයේ උකුසු ඇස් ඩැහැ ගන්නට කලියෙනි..
" ඔයා හැමදාම මට කලින් බහිනවා,කවදා හරි දවසක ...මාව තනි කරලා ,අපේ ආදරෙන් මටත් නොකියම බැහැල යනවද ? "
" නෑ...කවදාවත්ම නෑ...."
ඒත් .......මූසල හැන්දෑවක ඒ බස් රියේ අවුරුදු හතරකට කලින් පෙම් සුව විඳි ඒ අසුනෙම මම අද තනියම..මරණීය තුවාල සිතේ ඇති කර ගෙන හූල්ලනවා වෙනුවට ජීවන ගබඩාවේ නිකැළැල් මතක සටහනක විහිදෙන තරුවක් සේ නුඹගේ දිස්නය හදවතේ සදාකාලිකය..සිත් පතුලේ යදම් පුරුක් මෙන් ඇමිනී ඇති ප්‍රේමනීය හැඟුම් , නලියන කඳුළු බිඳුවලට උණුහුමක් එක් කරන්නේ මටත් නොදැනිය.නිහඩ සිතුවිලි දෝංකාරයක අතරමං වූ අතීතයට පෙම් බඳින කඳුළක් නුඹ ඉන්න ඉසව්වට පා කර හරින්නට ඇත්නම්, කියයි බොහෝ දේ ඒ ඇස් මේ ඇස් එක්ක එදා නොකී කඳුළු කතාවක්.....
- නවෝ........✍🏻 -
Nice ❤️
ReplyDelete❤🖤
DeleteWow
ReplyDelete❤🖤
Delete🔥❤️
ReplyDelete🖤❤
Delete🥺❤️
ReplyDelete🖤❤
Delete